collective consciousness කියන එකට නිවැරදි සිංහල යෙදුමක් නැහැ. සාමුහික විඥඥානය කියලත් කිව්ව හැකි. ජන විඥ්ඥානය කියන එකේ වරදක් නැහැ. මම හිතන්නෙ ඔයා අදහස් කරන්නෙ ඒක. Mass consciousness කියන එකටත් ලංකාවෙ කියන්නෙ ඒක තමයි. නමුත් ජන කියන්නෙ folk නේ. හරිම වචනෙ සංහතික (ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාය අනුව) මේකට ජනමාධ්‍ය/ සංහතික මාධ්‍ය සෘජුව සම්බන්ධයි.

ඓතිහාසික විඥ්ඥානය මේ collective consciousness එකේ කොටසක් ඒකෙ න්‍යෂ්ඨිය ඇත්තටම collective consciousness එක හැදෙන්නෙ ඒ න්‍යෂ්ඨියයි ඒ මොහොතේ සමාජ මැදිහත්වීමයි අතර වන ක්‍රියාවලියක් විදිහට. collective consciousness එක තරමක් දුරට සමාන අදහස් දරන ජන කණ්ඩායමකට සීමා වෙනවා. Mass consciousness ජන කණ්ඩායම් සීමාවන් අතික්‍රමණය කරමින් සමස්ථයට (සංහතියට) බලපානවා. ඇත්තටම මේකෙ ටූල් එක තමා මතවාදය (ideology) මේ සියළු විඥඥානයන් අතුරින් collective consciousness ටිකක් static නමුත් Mass consciousness හරි ගතිකයි. Mass consciousness එකේ මැද තියෙන්නෙ මේ ජන විඥඥානය. මාධ්‍යය (Mass Media) මතවාදය පාවිච්චි කරල මැනිපියුලේට් කරන්න යන්නෙ මේ static කොටස. මම කීව වගේ මේ මානසික කලාපයෙ මතුපිට ලේයරය තමා බලයේ සහ වසගයේ රගමඩල. ඔයා කියන්න හදන අදහස වන්නේ collective consciousness එකේ තියෙන ඓතිහාසික බව ජෝක් කිරීම වැරදිද කියන එක. ජෝක් කිරීම සාධනීය වෙනසක අරමුණක් සහ තවත් අර්බුද නොමවන එකක්නම් හොදයි. නමුත් ඇත්තටම වන්නේ ඒක අමාරැ වැඩක් සහ අර්බුද මවන එකක් වීමයි. මේ මොහොතෙ අපි දෙන්නත් එකවිට මේකෙ ගොදුරු බවටත් සෙල්ලම් කරන අය බවටත් පත් වනවා.

තව එකක් තියෙනවා False Consciousness කියලා (ව්‍යාජ විඥ්ඥානය ) ඒකෙ අදහස ඇත්තටම බල අරමුණක් වෙනුවෙත් සමාජ විඥ්ඥානය ව්‍යාජ ඉලක්කයකට අනුහුරු කිරීම. ඒක මාක්ස්වාදය ප්‍රතිගාමී අවස්ථාවක් ලෙසයි දකින්නෙ. හැබැයි හැමෝම මේ සෙල්ලම් ඔක්කොම දාන්නෙ ව්‍යාජ විඥ්ඥානයන් තමන්ගෙ පැවැත්මේ සාධක ලෙස හිතල තමයි.

ඩිලන්ත රත්නායක