ලංකාව කියන්නේ සංවිධාන ආකාර කිහිපයක් අතර වන ෂෝට් සර්කිට් තියෙන අවස්ථාවක්. ඒහි මූළික පෙනුම ලිබරල් වෙළදපලවාදී, නමුත් ඒහි පදනම ග්‍රාමීය වැඩවසම්වාදී, මැදිහත්වීමේ ව්‍යුහයේ ස්වරූපය සුබසාධන රාජ්‍යයකි. සංස්කෘතික සංවිධාන ස්වරූපය ආගමික හා ජාතිවාදී, නාගරික සංස්කෘතික ස්වරූපය පශ්චාත් නූතනවාදී, පරිපාලනමය ව්‍යුහ ගෙන ඇති ස්වරූපය නිලධාරිවාදී, ව්‍යාපාරික සංවිධාන ස්වරූපය ජාවාරම්කාරී පුද්ගලික සමාගම්, ලංකාවට පොදු සමාජ සංවිධාන ස්වරූපයක් අවශ්‍යයි. ඒය ඒක් ආයතනයක් විසින් ගොඩනැගිය හැකි දෙයක් නොවේ. ඒය පැරණි ජනතා ව්‍යාපාරයකට හෝ විප්ලවයකට ඇති කල හැකි නොවේ. ෆේස්බුක් වැනි නව මාධ්‍ය වල ලිවීමකින් සකස් කල හැකි දෙයක් නොවේ. මේ ඒකක්වත් අත් හැරිය යුතු ඒ්වාත් නොවේ. නව සංවිධාන ව්‍යුහ කිහිපයක් ඒක්වර පොදුවේ සමාජය හා පුද්ගලිකව තනි තනි මිනිසා ඉලක්ක කරගනිමින් ව්ගයෙන් වැඩ කල යුතු සංවිධානයක් යෝජනා කල හැකිය. ඒය තනි මිනිසෙකුගේ ඉතා පටු මතවාද තුළ නොගිලිය යුතුයි. කිසිවෙකුගේ මුල්‍ය ශක්තියට යට නොවිය යුතුයි. සංවිධානය, න්‍යායක් හෝ දෘෂ්ඨිවාදයක් මූළික කර නොගත් ඒකක් විය යුතුයි.