උද්භිද විද්‍යාත්මකව Citrus sinensis නමින් හඳුන්වනු ලබන පැණි දොඩම් Rutaceae පවුලට අයත් වෙයි. ජමනාරං, ජම්බෝල, ග්‍රේප්පෘඋට්, දෙහි, බෙලි, කරපිංචා ආ ජනපිය ශාක බොහොමයක් ඊට ඇතුළත් වෙයි. ලෝකයේ ජනපියම හා වැදගත්ම පලතුරු අතරට පැණි දොඩම් අයත් වෙයි. උසස් ගුණාත්මයෙන් යුත් පැණි දොඩම් නිපදවීම දැවැන්ත කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යනු ලබන රටවල් අතර මධ්‍යධරණී රටවල්, ඇමෙරිකා එක්සත් ජනපදය, මධ්‍යම යුරෝපීය හා දකුණු ඇමෙරිකානු රටවල් ප්‍රසිද්ධියක් උසුලයි. ඔස්ට්‍රේලියාව ද පැණි දොඩම් නිෂ්පාදනය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.

ඖෂධීය ගුණ හා පෝෂණ සංයුතිය

පෝෂණ සංයුතිය - පැණි දොඩම් (ආහාරයට ගන්නා කොටස් ග්‍රෑම් 100ක අඩංගු ප්‍රමාණය), ශක්තිය - 48.0 කිලෝ කැලරි, ප්‍රෝටීන් - 0.7 ග්‍රෑම්, මේදය - 0.2 ග්‍රෑම්, කාබෝහයිඩ්‍රේට් - 10.9 ග්‍රෑම්, කැල්සියම් - 26.0 මිලි ග්‍රෑම්, පොස්පරස් - 20.0 මිලි ග්‍රෑම්, යකඩ - 0.3 මිලි ග්‍රෑම්, කැරොටීන් - 1104.0 මිලි ග්‍රෑම්, තයමීන් - 60.0 මයික්‍රො ග්‍රෑම්, රයිබොෆ්ලේවීන් - 20.0 මයික්‍රො ග්‍රෑම්, විටමින් සී - 64.0 මයික්‍රො ග්‍රෑම්

රෝගීන්ටත් රෝගී තත්ත්වයන් සුව වන්නන්ටත් පෝෂ්‍යදායි සහ පහසුවෙන් ජීරණය වන පැණි දොඩම් යුෂය ඖෂධීය ගුණයෙන් ද අනූන ය. ඒ නිසාම එය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතා මහඟු ආහාරයක් ලෙස සැලකිය හැක. එය ආහාර දිරවීම පහසු කරන අතර දත් හා අස්ථිවල නිරෝගී පැවැත්මට උපකාරී වේ. එහි අඩංගු විටමින් සී වලින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වේග ශරීරය තුළ සෛලවල එක්‍රැස් වන විෂදායී රසායනිකයන් ඉවත්කර සෞඛ්‍ය සම්පන්න බව ලබාදෙන විටමින් සී ප්‍රතිඔක්සිකාරකයක් ද වේ. එය තරුණ බව රැක ගැනීමට ද උපකාරී වේග පැණි දොඩම් ගසේ මල්ල කොළ ආදියෙන් ආකර්ෂණීය තෙල් වර්ග හා සුවඳ වර්ග නිස්සාරණය කර ගත හැකිය. එමෙන්ම ගෙඩියේ පොත්තෙන් ද විවිධ ආහාර අමු ද්‍රව්යෙ නිස්සාරණය කර ගත හැකි අතර එහි ඇති ඖෂධීය ගුණ යොදා ගනිමින් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කර ගත හැකිය.

පැණි දොඩම් වගාවට සුදුසු පාරිසරික තත්ත්ව

වියළි හා අතරමැදි කලාප පැණි දොඩම් වගාව සඳහා සුදුසු බව පිළිගැනේ. වසර පුරා හොදින් පැතුරුණු වරෂාව පැණි දොඩම් වගාවට නුසුදුසු අතර මාස 2-3 ක පැහැදිලිව වෙන්වූ වියළි කාලයක් ඊට අවශ්‍ය වේ.ඉතා සරු පසක දි ගසේ වර්ධනය නිරතුරුවම සිදුවීම නිසා අස්වැන්න අඩුවෙයි. කාබනික අඩංගු හොදින් ජලය බැසයන මීටර් 2ක් පමණ ගැඹුරු පසක් වඩා සුදුසුය. එමෙන්ම මුළු දිවා කාලයේදීම හොඳින් හිරුඑළිය ලැබෙන ප්‍රදේශවල පැණි දොඩම් ගස් ඵලබර වෙයි. නමුත් තෙත් කලාපයේද වගාවට සුදුසු පැණි දොඩම් ප්‍රභේද තිබේ.

ගෙඩි හටගන්නා කාලයේ දි පසේ තෙතමනය මනා ලෙස පවත්වා ගැනීම අවශ්‍ය වනබව වටහාගත යුතුය.

රෝපණ ද්‍රව්‍ය

බීජ පැළ කිරීමෙන් නිපදවාගනු ලබන පැළවල ප්‍රභේදය වෙනස්වීමට බොහෝ ඉඩ තිබේ. නමුත් බීජ සිටවූ අවස්ථාවේ සිට පැළවී මාස 6ක් පමණ යන තුරු කාලසීමාව ත දි පැළ හොදින් පරීක්ෂා කර බලා ප්‍රභේදයේ ලක්ෂණ තහවුරු කර හොදින් වැඩුනු බීජ පැළ ක්‍රෂ්ත්‍රයේ සිටුවීමට යොදාගත හැකිය. ක්‍රෂ්ත්‍රයෙන් බෝවීමට ඉඩ තිබුණ ද බීජවලින් වෛරස් රෝග බෝ නොවීම වාසියකි.

ක්ෂේත්‍රය සකස් කිරීම

බෑවුම් සහිත ඉඩම්වල, වගාව සඳහා ඉඩම් පිරිසිදු කර සූදානම් කරන විටෙදිම නොවරදවා පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතුය. අවට ඉඩම් වලින් ගලා එන වැසි ජලය පාලනය කර සුදුසු පරිදි ඉඩමෙන් බැහැර කළ යුතු වේ. වැඩුණු දොඩම් ගස් ඇති ඉඩමක ස්වාභාවික පාංශු සංරක්ෂණයක් සිදු නොවන අතර බොහෝ විට පස සෝදා යාම වේගවත් කිරීමට ඉවහල් වන සේ කොළදාව මත රැඳෙන වැසි ජලය විශාල බිංදු ලෙසට පසට වැටීම ගැටළුවක් වනුඇත. ඒ නිසා සුදුසු පරිදි වගා ඉඩම තුළ මනා පාංශු සංරක්ෂණයක් ඇති කිරීම අත්‍යාවශ්‍යයි.

හෙක්ටයාරයකට අවශ්‍ය බද්ධ පැළ - 555

මෙම පැළ සංඛ්‍යාවට පාළු සිටුවීමට අවශය සංඛ්‍යාවද ඇතුලත්‍ය. වර්ෂා සමයට මාසයකට පෙර හෝ දැඩි වර්ෂා සමයේ අවසාන කොටසේ දි සිටුවන්නේ නම් වඩා යෝග්‍යයි. වර්ෂාවට පෙර සිටුවන විට නිසි පරිදි සෙවනක් හා ජලය සැපයීම අවශය වේ. සිටුවන ලද පැළයට ආධාරකයක් සපයන්න. පැළය වටා පිදුරු හෝ කොළ රොඩු වසුනක් පැළයේ මීටර් භාගයක් පමණ දුරට යොදන්න. වියළි සමය අවසන් වූවිට සෙවන ඉවත් කරන්න. වසුන දිරාගිය විට නැවත යොදන්න. බීජ පැළ ඉතා වේගයෙන් වැඩෙන අතර බද්ධ පැළ සිටුවා පළමු මාස 2 - 3 තුළදි ඉතා සෙමින් වැඩුන ද පසුව වේගයෙන් වැඩෙනු ඇත.

පොහොර යෙදීම

හැකි සැම විටකදි ම වසරකට යෙදිය යුතු මුළු පොහොර ප්‍රමාණය කොටස්වලට බෙදා පැළය වටා කොළදාව පැතිරුණු දුරට විසුරුවා හැර පසට මුල්ලු කරන්න. උදැල්ලෙන් කෙටීම නුසුදුසුය. පොහොර යොදන විට ද පසේ මනා තෙතමනයක් පැවතීම අත්‍යාවශ්‍යයි. වසුන නොකඩවා පවත්වා- ගෙන යන්න.

අතුරු බෝග වගාව

කෙසේ වුවද දොඩම් ගස ඊට වඩා අඩු උසකට වැඩෙන බෝග සමඟ මිශ්‍රව වගා කළ හැකිය. දොඩම් පැළ සිටුවා පළමු වසර 2 - 3 කාලය තුල දි කෙටි කාලීන බෝග වගා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. විශේෂයෙන් දොඩම් පැළ අතර කෙසෙල් වගා කිරීම දොඩම් පැළවල මනා වර්ධනයට පිටුවහලක් වන අතර විශාල අමතර ආදායමක් උපයාගත හැකිය. දොඩම් පැළ අතර පරතරය වෙනස් නොකර කෙසෙල් පැළ සිටුවීම කල යුතුය. මෙම කෙසෙල් වගාව දොඩම් පැළවලට වසර 2 - 3 වන විට සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කළ යුතුය. කෙසෙල්වලට අමතරව අන්නාසි, පැපොල්, පැෂන් පෘට් වැනි පලතුරු බෝග ද සුදුසු එළවළු හා ධාන්‍ය බෝග ද වගා කළ හැකිය. දොඩම් ගස් වැඩෙන විට වසර 3ක් තුල දි මෙම වගාවන් සම්පූර්ණයෙන්ම දොඩම් වගාවෙන් ඉවත් කිරීම වැදගත්ය.

තෝරාගන්නා ප්‍රබේදය බිබිලේ පැණි දොඩම්

වියළි හා අතරමැදි කලාපවලට සුදුසුය. මීටර් 3 - 5 පමණ උසට වැඩෙන ගසකි. අතු ඉහළට විහිදෙන අතර ශක්තිමත සැකිල්ලක් තිබේ. ගෝලාකාර ශාක වියන් තුළ මධ්‍යම ප්‍රමානයේන් කොළදාවකි. රවුම් ගෙඩිය තද කොළ පාට දිප්තිමත් පොත්තක් සහිතය. ගෙඩියේ සාමාන්‍ය බර ඉදෙන විට ග්‍රෑම් 300 - 400 පමණ වේ. පොත්ත කහ පාටට හැරේ. මාංශලය දිප්තිමත් කහ පැහැතිය. මිහිරි සහ ඇබ්ඹ සුවඳකින් යුක්තය. ගෙඩියක බීජ 10 - 15 පමණ අඩංගු වෙයි. ගෙඩියේ සාමාන්‍ය බර ඉදෙන විට ග්‍රෑම් 300 - 400 පමණ වේ. පොත්ත කහ පාටට හැරේ. මාංශලය දිප්තිමත් කහ පැහැතිය. මිහිරි සහ ඇබ්ඹ සුවඳකින් යුක්තය. ගෙඩියක බීජ 10 - 15 පමණ අඩංගු වෙයි.

බීජ වලින් බිහිකරගත් පැණි දොඩම් පැළයක් සිටුවා වසර 4 – 6 ක දි පළමුවරට මල් පිපෙන අතර බද්ධ පැළයක් සිටුවා වසර 2 - 3 කදී පළමුවරට මල් පිපෙයි. පැණි දොඩම් ගෙඩියක් මේරීමට මාස 4-6 ක් පමණ ගතවේ.  ප්‍රධාන දොඩම් අස්වනු වාරය පෙබරවාරි මාර්තු වන අතර ජූනි, ජූලි, අගෝස්තු මාස වලදි ද දොඩම් අස්වැන්න ලැඹේ. මාස 2 - 3 ක වියළි කාලයකට පසුව එලඹෙන වර්ෂාවත් සමඟ දොඩම් ගෙඩි හට ගැනීම ඊට හේතුවයි. හොදින් වැඩුණු නිරෝගී දොඩම් ශාකයකින් වසරකට ගෙඩි 300 - 400 ක් පමණ ලබාගත හැකිය. අක්කරයකට පැල 200.