උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය පළතුරක් වන අඹ එහි ඇති ප්‍රධාන රසය හා ප්‍රසන්න සුවඳ හේතුවෙන් සුවිශේෂි බවක් දක්වයි.

අඹ සම්භවය වි ඇත්තේ ඉන්දියාවේ ලෙස සැලකේ. එය ලංකාවේ කඳුකර ප්‍රදේශවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම ගෙවතු වගාවක් ලෙස බහුලව දක්නට ලැබෙන අතර වියළි කලාපය තුල වාණිජ වගාවක් ලෙසද ජනප්‍රිය වෙමින් පවතී. අළුත් පලතුරක් ලෙස උසස් ගුණාත්මයෙන් යුත් අඹ සඳහා කිසි විටෙකත් අඩු නොවන දේශීය හා විදේශීය ඉල්ලුමක් පවතී. සංරක්ෂණය කළ නිෂ්පාදන ලෙස (ජෑම්, කොඩියල්, චට්නි, අච්චාරු) අපනයනය කිරීමේ හොඳ විභවයක් අඹ වලට ඇත.

අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්‍රදේශ වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා පැරණි ෆොසිල සාක්ෂි නිසා අඹ ශාකය පිලිපීනය,  ඉන්දුනීසියාව,ඉන්දියාව, බුරුමය, ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික ප්‍රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි.

දකුණු ආසියාවේ අඹ වගා කිරීම අවුරුදු දහස් ගණනක් පුරා පැවත ඇත. මේ නිසා අඹ කෙරෙහි දකුණු ආසියාතික සංස්කෘතියේ විශේෂ වැදගත් කමක් පවතී. ලොව පුරා පිසීමකින් තොරව ආහාරයට ගන්නා පලතුරු අතරින් බහුලවම ආහාරයට ගන්නා පලතුර ලෙස ප්‍රකටය.. නිවර්තන දේශගුනයන්හි දී අඹ පහසුවෙන් දේශානුකුලනය වේ.හවායි දුපත් හි ඇති ඇතැම් පහත් බිම් වනාන්තර වල හඳුන්වාදුන් අඹ විශේෂ ප්‍රමුඛ වී ඇත. දකුණු ෆ්ලොරිඩාවෙහි අඹ වගා නොකරතත් එය ගෙවතු වල පලතුරු ශාකයක් ලෙස බහුලව දැකිය හැක

ශාඛය

අඹ ගස්( Mangifera indica )මීටර් 35 - 40 උසක් දක්වා වැඩෙන මීටර් 10 ක් පමණ වූ අරයක් ඇති කිරුළකින් යුත් විශාල ගස් වෙයි.පත්‍ර සෙ.මි. 15 - 35 ක් දිග සෙ.මි. 6 - 16 ක් පළලැති,සරල , එකාන්තරික,සදාහරිත ඒවා වෙයි. ඵල ලපටි අවස්ථාවේදී තැඹිලි-කහ පැහැතිය. පැසිමේදී සිලුටු රතු පැහැයේ සිට තද කොළ පැහැය දක්වා ශීඝ්‍රයෙන් වෙනස් වේ. පුෂ්ප, සෙ.මි. 10 - 40 ක් දිගු අග්‍රස්ත සංයුක්ත එකාක්ෂයක හටගනියි. සෑම සුදු පැහැති කුඩා පුෂ්පයකම මි.මි. 5-10 ක් දිගැති දල/පෙති පහක් ඇත. lily of the valley පුෂ්පයේ වැනි සෞම්‍ය මිහිරි ගන්ධයක් පවතියි. After the flowers finish,ඵල ඉදීමට මාස තුනේ සිට හය අතර කාලයක් ගනියි.

අඹ ඵලය

අඹ ඵලය අෂ්ටිලයකි. මේරූ විට ගසේ සිට පහළට දිගු නටුවකින් එල්ලී පවතියි. සෙ.මි. 10 - 25 ක් දිගු සෙ.මි. 7 - 12 ක විශ්කම්භයකින් යුක්ත වේ. බර කිලෝ ග්රෑම් 2.5 ක් දක්වා විය හැකි වන අතර ඵල ප්‍රමාණයෙන් විවිධ වෙයි.ඉදුණු ඵලය කහ,තැඹිලි හා රතු යන විවිධ වර්ණ වලින් යුක්තය. සුර්යාලෝකය පතනය වන මුහුණත වඩාත් රතු පහන් යුක්ත අතර අඳුරේ පවතින මුහුණත කහ පැහැති වෙයි. කොළ පැහැය සාමාන්‍යයෙන් ඉදී නොමැති බව දැක්වුවද මෙය අඹ ප්‍රභේදය මත වෙනස් වේ. ඉදුණු විට, පොතු ඉවත් නොකරන ලද ඵලයෙන් විශේෂ රෙසීනමය යන්තම් මිහිරි ගන්ධයක් විහිදෙයි. ඵලය මධ්‍යයෙහි තනි, පැතලි, දිගටි බීජයකි. ප්‍රභේදය අනුව මෙහි මතුපිට තන්තු සහිත හෝ තන්තු රහිත විය හැක. මි.මි. 1 - 2 ක් ඝනකමැති කබොල්ලට ඇතුලතින් කඩදාසියක් තරම් තුනී අතුරුණුවකින්/lining වටවූ සෙ.මි. 4 - 7 දිගැති, සෙ.මි. 3 - 4 පළලැති, සෙ.මි. 1 ඝනකමැති තනි බීජයක් පවතියි.

අඹ වල රසායනික හා පෝෂණ විස්තර  

ඉදුණු අඹ ඵලයෙහි මාංශල කොටසෙහි සීනි 15% ක් ද 1% ක් දක්වා ප්‍රෝටීන් ද විටමින් A,B සහ C සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතියි.මෙම පලතුර මිහිරි රසයක් ඇත. ඇතැම් ප්‍රභේද පීච් සහ අන්නාසි අතරමැදි රසයක් සහිත අම්ලමය රසයකින් යුක්තය.මාංශල කොටසෙහි වයනය ප්‍රභේදයෙන් ප්‍රභේදයට පැහැදිලිව වෙනස් වෙයි. ඇතැම්වාහි වැඩියෙන් ඉදුණු ප්ලම් ගෙඩියක් මෙන් මෘදු පල්පමය වයනයක් පවතියි. ඇතැම් ප්‍රභේදවල මාංශය කැන්ටලොප්(කොමඩු වැනි පලතුරකි) හෝ අලිගැටපේර මෙන් දැඩි වන අතර ඇතැම්වා හි මාංශල කොටසෙහි කෙඳිතිමය වයනයක් පවතියි.අඹ ඉහල ජල ප්‍රමානයක් අඩංගු වන යුෂ අධික මිහිරි පලතුරකි.අඹ ප්‍රබොධමත් කරන ආහාරයකි.

අඹ චට්නි සැදිමෙ දි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා , නමා නැවතත් කපා , හැපිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ. කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය. උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී.


අඹ පලතුර විවිධ මාෂමය නිෂ්පාදන වලදී ප්‍රධාන සංඝටකයක් ලෙස භාවිතා කරයි. අඹ යුෂ, ඉදුණු අඹ වලින් මෙන්ම නොඉදුණු අඹ වලින්ද සාදනු ලැබෙයි . අඹ කැබලි පොඩි කර අයිස් ක්‍රීම් වල යෙදිය හැක. අඹ වලින් "පයි" ද සාදනු ලැබෙයි. කිරි, සීනි හා කුඩු කල අයිස් සමග අඹ හොඳින් මිශ්‍ර කර නැවුම් පානයක් සාදා ගත හැක.වඩාත් සාම්ප්‍රදායික ඉන්දියානු පානයකි අඹ lassi . මෙය බොහෝදුරට සාමාන්‍ය අඹ පානයකට සමාන වන නමුත් යෝගට් හා කිරි මිශ්‍රණයක් මුලික වශයෙන් භාවිතා වෙයි. ඇතැම් විට ලුණු හෝ එනසාල් රසකාරක ලෙස භාවිතා කරයි. තායිලන්තය හා අනෙක් ගිණිකොනදිග ආසියාතික රටවල පැණි රසැති ඇලෙන සුළු බත් හා පොල් මත කපන ලද අඹ තීරු තබා අතුරුපස ලෙස ආහාරයට ගනියි.

අඹ නිෂ්පාදනය ලංකාව හා ලෝක නිෂ්පාදනය අතර සැසඳීමක්

ශ්‍රී ලංකාවේ වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 27,846 පමණ වන අතර මුළු නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 72,692 පමණ වේ. මෙයින් මෙට්‍රික් ටොන් 18 අපනයනය සඳහා යොදා ගනී. ඉන්දියාව විශාලතම අඹ නිෂ්පාදකයා වන අතර වර්ග කිලෝමීටර 16,000 භූමික අඹ වගාකර වාර්ෂිකව ටොන් මිලියන 10.8 ක අඹ අස්වැන්නක් නිෂ්පාදනය කරයි. එය සමස්ත ලෝක අඹ නිෂ්පාදනයෙන් 57.18% කි. ඉන්දියාව තුල, දකුණුදිග ආන්ද්‍රා ප්‍රදේශයේ වැඩිම අඹ නිෂ්පානයක් සිදුකරන අතර එහි හෙක්ටයාර 350,000 ක අඹ වගාකර ඇත.

වගා කිරීම සදහා තත්ව

අඹ ගස නිවර්තන සහ උප නිවර්තන දේශගුණික තත්ත්වයන්හට මැනවින් අනුවර්තනය වී තිබේ. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස් වු ප්‍රදේශයන්හි වගා කළ හැකිය. නමුත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සි‍ට මීටර් 600ට වඩා අඩු ප්‍රදේශ පමණකි.  අඹ වගාව සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය 27oC-30oCපමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මි.මි. 500-2500 පමණ විශාල පරතරයක් පවතින ප්‍රදේශයන්හි මෙම ‍බෝගය වගා කළ හැකිය. නමුත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා ‍බෙහෙවින් වැදගත් වන්නේ යම් ප්‍රදේශයකට ‍ලැබෙන සම්පුර්ණ වර්ෂාපතන ප්‍රමාණය නොව එහි ව්‍යාප්තියයි. අඹ ගසක හොඳින් මල් හට ගැනීම සඳහා මාස 3 - 4 පමණ වියළි කාලයක් තිබීම වැදගත්ය. එසේම මල් හටගන්නා අවස්ථාවේදි වර්ෂාව ලැබීම නිසා පරාගණය දුර්වල වී හට ගන්නා ගෙඩි සංඛාව අඩු විය හැකිය.

පස

විවිධ පාංශු තත්ත්ව යටතේ අඹ වගා කළ හැකිය. එසේ වුවද මීටර් 2 පමණ ගැඹුරු හොඳින් ජලය බැස යන සැහැල්ලු පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී. එච්. අගය 5.5 සිට 7.5 පමණ වේ. තද මැටි සහිත පසක හෝ නිතර ජලය රඳා පවත්නා ස්ථානයන්හි සාර්ථකව අඹ වගා කළ නොහැකිය.