සමරකෝන් පතිරාජ

ජෛන ධර්මය යනු ඉපැරණි ඉන්දියානු ආගමකි. එහි සංස්කෘත වචනය ‘ජෛන‘ යන්න ය. දැනටත් ඉන්දියාවේ බලවත් ලෙස බලාත්මක ව පවතින ජෛන ධර්මය අධ්‍යාත්මික සදාචාරය සහ ධර්මය සම්බන්ධ ලොව බලවත් ම ආගම වේ. අනෙක් සියලු දර්ශනවල ධර්ම දේශකයන් වස්ත්‍රවලින් තමන්ගේ සිරුර වසාගෙන සිටින අතර ඔවුන් අධ්‍යාත්මික වශයෙන් සිත-කය-වචනය සංවර වූවන් නොවේ. නමුත් ජෛන භික්ෂුව ඉතා පැහැදිලි ලෙස ශරීරය අධ්‍යාත්මික ව සංවර කරගෙන තිබේ. මෙම වීර්යත්වය ඇති බැවින් ඔවුන් පූජාවට පාත්‍ර වේ. මෙය ශාක්‍ය ධර්මයට ද විශාල බලපෑමක් එල්ල කළ අභියෝගාත්මක දර්ශනයකි. ජෛන භික්ෂුවකගේ ශරීරය නව යොවුන් තරුණියන් විසින් ස්පර්ෂ කරන ලද්දේ වුවද ඔවුන්ට හැගීම්වලින් තොරව සිටීමට හැකි ය. එසේ නොවන්නේ නම් ඔවුන් භික්ෂූත්වයෙන් නෙරපනු ලැබේ. ඒ සදහා පුහුණු කාලයක් තිබේ. ධර්මයේ ශක්තිය "නොසැලී සිටීම" වේ. ජෛන සම්ප්‍රදාය ආරම්භ වූයේ ක්‍රි.ව. 6ට පෙර ය. ක්‍රි.ව. 6 වන විට එහි සිටි අධාත්මික ගුරුවරයා මහාවීර නම් ශාක්‍ය වංශිකයෙකි. ශාක්‍ය යනු සංඛ්‍ය ධර්මය හෙවත් සයවිධ හින්දු දර්ශන අතර තිබූ විප්ලවීය දර්ශනය අනුව ජිවත් වූ පිරි ස. අධ්‍යාත්මික නිර්මලත්වය අතින් ජෛන දහම භෞතිකයෙන් එනම් ක්‍රියාවෙන් ශික්ෂණය ඔප්පු කරයි. අප වස්ත්‍ර දරන්නේ සිරුර වසා ගැනීමට, එය රක්ෂා කර ගැනීමට ය. නමුත් මිනිසාගේ සැබෑ ස්වභාවය නම් නිරුවතයි. ලෝකය පුරා පවතින රෙද්දේ සදාචාරයට අභියෝග කළ බලවත් ජෛන ධර්මය අදහන්නා නිර්මාංශ විය යුතු ය. ජෛන ධර්මය උපසම්පදා දෙකකින් යුක්ත වේ. ඉන්දියාවේ මෙම ධර්මය ඇදහීමට ස්ත්‍රීන් වැඩි පිරිසක් කැමති ය. ව්‍යාජ බොරු දේශනා කරන පිරිමින්ගෙන් යුක්ත වෙනත් ආගම්වල පල්හොරුන් ගැන සැබෑ ලෙස දන්නේ ස්ත්‍රියයි. ඉන්දියාවට අමතර ව දැනට ලෝකයේ බොහෝ රටවල ජෛන පන්සල් තිබේ. වෙනත් කිසිදු ධර්මයක් ජෛන ධර්මයට අභියෝග නොකරන්නේ ජෛන ධර්මයේ අධ්‍යාත්මික සංවරය වෙනත් කිසිදු ධර්මයක් තුළ නැති නිසා ය. ඉන්දියාව තුළ සැරියුත් දර්ශනය හෙවත් පුරුෂ බුදු දහම ව්‍යාප්ත වීමට ජෛන ධර්මය බාධාවක් වූ බැවින් ජෛන ධර්මය සමග බෞද්ධ භික්ෂු විරසකය බලවත් ලෙස තිබෙන බව සැලකිය යුතු ය.