අමාත්‍යවරයෙකුගේ රථ පෙල ගමනට බාධාකළ බවට චෝදනා කරමින් තරුණයන් හතරදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තාවේ.

මෙම සිදුවීම ඉරිදා දහවල් කල්මුනේදී සිදුවු බබට වාර්තාවී තිබේ. සිද්ධියට සම්බන්ධ අමාත්‍යවරයා මුස්ලිම් පක්ෂයකට සම්බන්ධ අයෙකු බවටත් වැඩිදුරටත් වාර්තාවේ.

කල්මුනේ නගරයේදී අද දහවල් අමාත්‍යවරයෙකුගේ රථපෙල ගමන් මාර්ගයේ බාධා කළ බවට චෝදනා කරමින් සුඛෝපබෝගි වාහනයක ගමන්ගත් තරුණයන් හතරදෙනෙක් කල්මුනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

එම අවස්ථාවේ එම ස්ථානයට විශාල ජනතාවක් රැස්වු අතර, ඔවුන් එම තරුණයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පොලීසියට තදින්ම විරෝධය පෑහ. එහෙත් ඔවුන්ගේෙ උත්සාහය ව්‍යර්ථකරමින් තරුණයන් හතරදෙනා පොලීසිය වෙත රැගෙන යන ලදී

ඒ අතර අද පෙරවරුවේ වාණිජ හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා කල්මුනේ ප්‍රදේශයේදී තම පක්ෂයේ කාර්යාලයක් විවෘත කිරීමට සහභාගිවු බවටත් වාර්තාවේ.